+94 773491916

+94 719795246

+94 362233741

තවදුරටත් Digital අනන්‍යතාවය සැගවීමට උත්සාහ කිරීම නිෂ්පල කාරනාවකි!!

     ....සමහර වෙලාවට අපි හිතනවට වඩා වේගයෙන් තොරතුරු ලෝකය අපව වෙලා ගන්නවා.හිතන්න ඔබ උසස් අධ්‍යාපන ආයතනයක සිසුවෙක් කියලා. කලාතුරකින් කෙනෙක් හැටියට ඔබ ප්‍රතිපත්තියක් රකිනවා Online ආකාරයට කිසිම අනන්‍යතාවයක් ගොඩනගා නොගන්නා කෙනෙක් වීමට. ඔබේ මිතුරන් සමාජ ජාලාවලට යන එනවා ඔබ කිසිසේත්ම යන්නෙ නැහැ. ඔවුන් ක්ශනික පනිවිඬ සේවාවන් භාවිතාකරනවා ඔබ නැහැ. අඩුතරමින් E-mail ගිනුමක් වත් නිර්මානය කර ගන්නේ නැහැ. කොටින්ම හරිම අස්වාභාවික කෙනෙක් වෙමින් ඔබ දත්ත උපාංගයකට පිවිසෙන්නේවත් නැහැ. හොඳයි , දැන් ඔබ සන්තෝසයෙන් ඉන්නවා ඔබේ අනන්‍යතාවය ඉලෙක්ට්‍රොනික ගොදුරක් බවට පත්වෙන්නට ඉඩ නොදුන් ස්වභාව රකිනා කෙනෙක් හැටියට.
                    මේ ආකාරයට කාලය ගත කරමින් සිටි ඔබ වසර ගනනාවකට පස්සේ ‍රැකියා ස්ථානයේ යම් අවශ්‍ය තාවයක් නිසාම සිදුවෙනවා Profile එකක් නිර්මානය කරන්න. සරලව හිතමු Email ගිනුමක් පමනයි කියලා. පසුව වෙලාවක ඔබ නිකමට මෙන් සෙවුම් යන්ත්‍රයක ඔබගේ නම සටහන් කරලා බලනවා හරිම දක්ශ විදිහට ඔබගේ අනන්‍යතාවය ඉලෙක්ට්‍රොනික කර නොගත් පිරිසිදු මිනිහෙක්ය කියන සතුටින්.ඒත් සෙයුම් ප්‍රතිපල දකින විට ඔබ පුදුමයට පත්වේවි. සෙයුම් ප්‍රථිපල පි‍ටු දෙක තුනක්ම පිරෙන්නට විවිධ අවස්ථාවලට සම්බන්දිතව ඔබ ගැන තොරතුරු Text ආකාරයට Image ආකාරයට මෙන්ම  Videos ලෙසට එහි තිබෙනවා. ඒක හරියට ඔබ ඔබගේ සිරුරේ ප්‍රමානයට සකස්කරගත් වීදුරු කුටියක සිටියා වගේ වේවි. ඔබම සම්බන්ද නොවූවත් ඔබගේ අධ්‍යාපන ආයතනය , හිතමිතුරන් අතින් , ඔබගේ නගරයේ සමාජ කටයුතු ආයතන ඔස්සේ ඔබ ගැන තොරතුරු විශාල ප්‍රමානයක් අන්තර්ජාල ගතව තිබෙනු දකිනවිට ඔබගේ සැගවීම ඔබට පමනක් සැගවිමක්වීම ගැන කනගා‍ටු සිතේවි. ඔබගේ අධ්‍යාපන ආයතනයේ සිටම විවිධ අවස්ථාවලදී ඔබගේ තොරතුරු Text හැටියට ඒ වෙතට පැමින තියේවි, උපාධි ලබන්නන්ගේ සමූහ ඡායාරුවේසිට විවිධ අවස්ථාවලදී ඔබගේ මුහුනුවර නම් වෙමින් එහි පැමින තියේවි. මම යෝජනා කරන්නේ මේක අස්වාභාවික රටාවක් නොවේ කියන එකයි.  ඔබ කැමති උනත් නැතත් ඒ රටවන් ගලාගෙන යනවා. ඔබට පුලුවන් වෙන්නේ හැකි නිවැරදිම ආකාරයට ඒවා නඩංතුවට කටයුතු කිරීම පමනයි.....

Pubudu Siriwansa

Muditha

Parakum Mawatha

Honiton Place

Avissawella

Srilanka

තොරතුරු යුගයේදී ඔබගේ පෞද්ගලිකත්වය සිදුරු වන්නේ ඔබ අතින්ම නොවන්නටත් පුලුවන් බව අපි තෙරුම් ගත යුත්තක්. ගත වෙමින් යන කාලය තොරතුරු අවකාශය විෂය මූලික බවේ අවසානයත් පුද්ගල මූලික බවේ මැදභාගයත්ත්  බවයි ලෙසට හදාරන්නන් හදුනාගන්නේ. ලාංකික බවිතාව ඇතුලේ Social Network විසුලු සහගත ස්වභාවයකට වඩා යමක් නොවන්නට බැරිවීම ඔස්සේ නොසලකා හැරියද තොරතුරු තාක්ශන අවකාශයේ දී මිනිස්  භාවිතාව විනිවිදයාමේදී තීරනාත්මක එකක් ලෙසටයි සටහන් වන්නේ. ඔවුනට සිදු වෙනවා...

මේ සොඳුරු පුරවරය ඓතිහාසික වන්නාසේම ආර්ථික මෙන්ම ස්වාභාවික වටිනාකම් වලින් අනූනය. අතීත රජ දවසේ සිට වර්ථමාන අද දවස දක්වාම බොහෝ අපූරුකම් සගවා ගෙන විටින මෙම අසිරිමත් පුරවරය ගැන සටහනක් නොතබා සිටින්නේ කෙසේද?

තොරතුරු ලෝකයේ දවසේ සටහන නිරන්තරයෙන් අපූරු නෙක පැහැයන් ගනී. මේ අපූරු බව සැබ වින්ම විඳින්නට නම් ඒ දෙසට වන දැක්මද විධිමත් විය යුතු බව පිලිගැනීමකි. මේ සටහන් පෙල ඒ සදහාද  වන්නකි.

 ....එලබෙන අනාගතය ගමන් කරන්නේ නව දිසාවකට බවටයි හදාරන්නන් නැවත නැවතත් පැහැදිලි කරන්නේ. තොරතුරු තාක්ශනයට හැකි වෙනවා නව ලෝක රටවක් ගොඩ නගන්නට. පෙර තොරතුරු යුගයේදී මුහුද, කඳු සිකර හඳුනාගනු ලැබුවේ තරනය කල නොහැකි නැතිනම් සාමන්‍ය ජීවිතය පාලනය කරවන විශේෂ අවස්ථාවන් හා උපංක්‍රම ඔස්සේ පමනක් ජය ගතහැකි බාදක ලෙසටයි. තොරතුරු තාක්ශනයට හැකි වනවා මේ සීමාවන් දෛනික ජීවිතයේදී තව දුරටත් වලංගු නොවන බවට සාදධනය කර සිටින්න. අපි දන්නවා ද්විමානීයව එන සුපැහැදිලි දසුන්ද...

"වෙනස්වීම" නම් ක්‍රියාව තොරතුරු තාක්ෂණයේදී තරම් සමීපව හා වැඩි වාර ගනනක් භාවිතාවන  වෙනත් විෂයක් විරලය. "අද සිහිනයක් හෙට යථාර්තයක් කරන්නට අවශ්‍ය ශක්‍යතාවය වෙන කිසිදු විෂයකදී අත් නොවිඳන තරමට එහිදී ඇත. මිනිස් ආයුකාලයන්ට සාපේක්ෂව සැලකීමේදී කෙටිකලක් තුල මෙතරම් අපූර්ව වෙනස්කම් රාශියක් මිනිස් ජීවිත වෙතට ගෙනෙන්නට එයට හැකි වෙන්නේ මේ නිසා යැයි මම සිතමි. ඔබගේ ජීවන රාටාව, ඔබගේ වෘතිය , සමාජ පරිසරය කවරක වුවද ඔබට එහි අනිවාර්ය ඉඩක් තිබෙන...       www.siriwansa.blogspot.com

"....නැහැ, මම හිතන්නේ මම අදහස් කරපුදේ ඔබ වැරදියට තේරුම් අරන් වගේ ස්වභාවයක් මට දැනෙනවා. මම අදහස් කරන්නේ අපිට සිදුවුනා කෘෂියුගයට වඩා සංවේදී වෙච්ච මිනිසෙක් කාර්මික යුගයේදී. අවශ්‍ය වුනා වැඩි විනයක් හා සීරුවට වැඩකරන අයෙක් පෙර යුගයට වඩා. මොකද පෙර යුයට සාපේක්ශව සලකන විට සාමාන්‍ය මිනිසා වඩාත් බල සම්පන්නයි. සරලව කිව්වොත් ඔහුගේ කුඩා චලනයකට සිදුකලහැකි බලපෑම වැඩි උනා පෙර යුගයට වඩා. මම කියන්නේ සමාජයට වගෙම පරිසරයට පවා.  තොරතුරු යුගයේදී තත්වය යලිත් වඩාත් සංකීර්න වනවා. සංකේතාත්මකව කිව්වොත් මේ යුගයේදී හැකිවෙනවා ස්පර්ශක තිරයකට කරන එක් ස්පර්ශයකින් දියුනු මට්ටමේ නගරයකටම විදුලි සැපයුම අඩපන කරන්නට සමහර විට සනිපාඅරක්ශක පද්ධති අක්‍රිය කර දමන්නට. මම විස්වාස කරනවා මේ නිසාම මිනිසුන් තේරුම් ගත යුතුයි තමන් වඩාත් බලසම්පන්නය ඒ නිසාම තමන්ගේ කුඩා හැසිරීමකට පවා සැහෙන බලපෑමක් සිදුවිය හැකිය යන නිසා  වඩාත් කල්පනකාරීවීම වැදගත්ය යන්න පිලිගන්නට. එහෙම නැතිව අධි සුචරිතවාදී මනෝකල්පිත සමාජයක් ගැන නොවේ මම අදහස් කලේ...." 

Pubudu Siriwansa

                                                - Designer

 ........මම ඔබ සමග එකග වනවා. ඇත්තෙන්ම ගැටලුවක් තමයි අපි Internet එක බාවිතා කරනවාද නැතිනම් Internet එක ඔබව භාවිතා කරනවාද කියන එක. තවත් විදියකට ගැටලුව හඳුනාගත්තොත් Internet වල තියෙන්නේ ඔබට අවශ්‍යදේද නැතිනම් Internet විසින් ඔබව අවශ්‍ය විදිහට නැවත නිර්මානය කර ගන්නවාද කියන එක. ඇත්තෙන්ම මේ නව රටාවක්. මිනිස් සබදතා අතර මැදට පැමිනෙනවා උපකරනයක්.  ඒක විසින් පාලනය කරනවා අපව. අපේ සබදතා. අපේ අවශ්‍යතා. අපේ සිතුම් පැතුම්. සමහර විටක මම හිතනවා මගේ ජීවිතයට තොරතුරු උපාංගය පැමිනෙන කොට පොතපත , නාට්‍ය වෙදිකාව, ස්වභාවික සංගීත උපකරන වගේ දේ පැමින තිබීම වාසනාවක් උනා කියලා. ඒකට බැරිඋනා සියල්ල ඒක වන්නට. හැබැයි මම බය වෙනවා නිර්මානය වෙමින් තිබෙන ඩිජිටල් පරපුර අන්ත විදිහට සීමා වෙනවා කියලා. සියල්ලට ඉලෙක්ට්‍රොනික පිටපතක් වන්නට බැහැයි කියලා මමත් විස්වාස කරනවා. ඒත් ඒක එහෙම වන්නට හැම අතින්ම උත්සාහ කරමින් සිටිනවා. වෙළඳ ඉව ඔස්සේ පමනක් ගොඩ නැගෙන කාරනාවක් බවට තව දුරටත් මේ විෂයට ඉඩක් නොලැබේවි. මම විස්වාස කරනවා තොරතුරු උපාංග ගෙනෙන ලෝකය පැහැදිලි කෙරෙන හඳුන ගන්නා මනෝවිද්‍යා මෙන්ම සමාජවිද්‍යා විෂයන්ගේ සීග්‍ර වර්ධනයක්  නොපමාව පැමිනිය යුතුයි කියලා........    www.siriwansa.blogspot.com

                                           Online ජීවිතය කියන්නේ සෑබෑ ජීවිතයෙන් මහත්සේ ඈත්වූ වෙනම ජීවිතයක් ලෙසටයි තවමත් සාමාන්‍ය පිලි ගැනීම වන්නේ. බොහෝ දෙනා අතර පවතින මතයක් තමයි තමන්ගේ පෞද්ගලිකත්වය අන්තර්ජාලය දෙසට මුදා හැරීම බොහෝ සෙයින් භයානකයි කියන එක. අන්තර්ජාලය කියන්නේම මනෝව්‍යාධිකයන්ගේ පාරා දීසයක් ලෙසට ඔවුන් ඉස්මතුකර පෙන්වන්නට බොහෝ විට කැමති වනවා. නමුත් ඇත්ත තත්වය එලෙසමද? හැම විටම සැග වී සිටිමින් කලා තුරකින් පමනක් ඉස්මතුව යලි සැගවීම අන්තර්ජාල දෙසට දැක්විය යුතු සැබෑ ආකල්පයද?
               එක් හේතුවක් තමයි තවමත් Online භාවිතාව සාමන්‍ය ජීවිතයට සාපේක්ශව බොහෝ සෙයින් ලාබල එකක් වීම. විටක තවමත් තොරතුරු තාක්ශනයට සම්බන්ද විද්වතුන් පවා තමන්ගේම කියා online ජීවිතයක් නඩත්තු කිරීමට අකමැති වීම දක්නට පුලුවන්. තවමත් ඔවුනට online ජීවිතය අමතර අංගයක් පමනයි. මෙතැනදී සැබෑ සත්‍යනම් සැබෑම Digital පුරවැසියන් තවමත් තවමත් බහුතරව පාසැල් මට්ටමේ සිටීම වන්නට පුලුවන්. මිතුරෙකු සැබෑ ජීවිතයේදී හමු වෙනවා හා Online ජීවිතය තුලදී හමුවීම අතරේ ඔවුනට විශාල පරතරයක් තිබෙනවා වීම . සමහර විටකදී online ජීවිතයකදී සිදුවන එවන් හමුවක් අවශ්‍ය තරම් හැගීමක් ගෙනෙන්නට අසමත්විම ඔවුනගේ අත්දැකීම වනවා වෙන්නට පුලුවන්. නමුත් එලබෙන හෙට දවස ඉල්ලා සිටින වෙනස මග හරින්නට මෙය හේතුවක් නොවනවා ඇත. 
                                     කඩදාසියක් මත පෑන් තුඩකින් අකුරු කරනවාට වඩා පහසුවෙන් ස්පර්ශක තිරය මත තම ඇගිලි මෙහෙයවන සැබෑ Digital පුරවැසියන් බිහිවීමේ ක්‍රියා වලිය තුලම දැනට වඩා ස්වං විනයක් online ජීවිතය දෙසට වේවි යැයි අපට බලා පොරොත්තු වන්නට පුලුවන්. භෞතික හමුවීමක් කෙරෙහි විස්වාසය සමග වැඩුනු අර්ධ Digital පුරවැසියන්ට වඩා එම පූර්න Digital පුරවැසියන් මුල් ස්වභාවයෙන්ම ඒ සදහා වැඩි වැඩි ගෞරවයක් හා භක්තියක් ‍රැගෙන එනු ඇති බවටයි හදාරන්නන්ගේ බලාපොරොත්තුව වන්නේ. Online ජීවිතය සැගවී සිටිමින් සමාජ සංස්කෘතික විරෝධී හැගීම් පිටකරන්නට ‍තෝතැන්නක්ය වැනි හැගීමකට වඩා තමන්ගේ සැබෑ ජීවියේ තීරනාත්මකම සාධකයක් ලෙසට එය සලකමින් වඩාත් ගෞරවයෙන් එයත් සමග කටයුතු කරන හැගීමක් සමග පැමිනෙන ඔවුන් සමාජය භාරගන්නා හෙට දවසේදී අද මේ පවතින අන්තර්ජාලය දසට වන අර්ධ සංස්කෘතික ක්‍රියාකාරකම් වෙනස් වනු ඇති බවටයි අපහට බලාපොරොත්තු තැබිය හැකි වන්නේ.

වර්ථමාන ලෝකයේදී තොරතුරු අවකාශය මතට ඔබගේ සටහන නොපැමිනීම ගැටලු සහගතය. එලබෙන ලෝකය ඔබ ගැන වන සටහන සොයන්නේ පලමුකොට තොරතුරු ලෝකය මත වීම එයට හේතුවය.

siriwansa@yahoo.com

admin@lkwebservice.com

skype  siriwansa